ඕමාන් විදේශ ඇමති බහරේනයේ



ඕමාන් විදේශ කටයුතු ඇමතිවරයා බහරේන් රාජ්‍යයට පැමිණ ඇති බව වාර්තා වේ.

බහරේන්-ඕමාන් ඒකාබද්ධ කමිටුවේ හත්වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඕමාන් විදේශ කටයුතු අමාත්‍ය, සෙයිද් බද්ර් බින් හමාඩ් බින් හුමුද් අල් බුසායිඩි බහරේන් රාජ්‍යයට පැමිණ ඇත.

ඕමාන් විදේශ කටයුතු අමාත්‍යවරයාව පිළිගැනීම සඳහා බහරේන් විදේශ කටයුතු ඇමති, ආචාර්ය අබ්දුල්ලාතිෆ් අල් සයනි, ඕමානයේ බහරේනයේ තානාපති ආචාර්ය ජුමා අල් කාබි, බහරේනයේ ඕමාන් තානාපති, අබ්දුල්ලා බින් රෂීඩ් අල් මුදයිලාවි සහ තවත් ඉහළ පෙළේ නිළධාරීන් පිරිසක් ගුවන්තොටුපොලට පැමිණ ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් මස්කට් නුවර)


RECOMMEND POSTS