දේශනය මැදදී අතුල් ප්‍රහාරයක්



ඉරානයට අයත්, නැගෙනහිර අසර්බයිජාන් පළාතේ නව ආණ්ඩුකාර අබේඩින් කොරම් දේශනයක් පවත්වමින් සිටිද්දී, වේදිකාවට ගොඩවුණු අයකු ඔහු අසලට පැමිණ අතුල් පහරක් එල්ල කළේය.

ආණ්ඩුකාරවරයා අතුල් ප්‍රහාරයට ලක් වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් පුවත් ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ආණ්ඩුකාර ධුරයට පත්වීමෙන් පසු අබේඩින් සිය පළසු දේශනය පවත්වද්දී මෛස් ප්‍රහාරයට ලක් වුණු බව පැවැසෙයි. ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ඉරාන විප්ලවවාදී හමුදාවේ ජනරල්වරයෙකි.

එම හමුදා ජනරාල්වරයාගේ බිරිඳ රෝගී වී සිටිද්දී ඇයට පිරිමි වෛද්‍යවරයකු ප්‍රතිකාර කර ඇත. ජනරාල්වරයාගේ විරෝධයට මෙය හේතුවක් වී ඇති අතර, ඔහුගෝ කෝපය පිටවී ඇත්තේ නව ආණ්ඩුකාරවරයා හරහා යැයි ද පැවැසෙයි.

ප්‍රහාරයට ලක් වුණු ආණ්ඩුකාරවරයා සිදුවූයේ කුමක්දැයි පුදුමයට පත් වෙද්දී, ආරක්ෂක නිලධාරීහු වහා වේදිකාවට ගොඩවී, ප්‍රහාරය එල්ල කළ ජනරාල්වරයා එතැනින් ඉවත් කිරීමට කටයුතු කළහ.

(රොයිටර්)


RECOMMEND POSTS