ගුවන් නියමු පුහුණු පාසලක් අරඹයි



ඕමානය ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා පාසලක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

නියමුවන් පුහුණු කිරීමේ පාසල අදියරයන් හතරකින් අවසන් කරන බවත්, දැනට අදියරයන් තුනක් අවසන් කර ඇති බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා භාවිතා කරනු ලබන ගුවන්යානා අටෙන් මුල් ගුවන්යානා දෙක පරීක්ෂා කර බලපත්‍ර නිකුත් කිරීම අවසන් අදියරයේදි සිදුකරන බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)   


RECOMMEND POSTS