නිවසට ඇතුළු වෙද්දිම අල්ලා ගෙන



ඕමානයේ නිවසකට හොර රහසේ ඇතුළුවීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මස්කට් ආණ්ඩුකාර නගරයේ කොල්ලකෑම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී ඇත.

කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනාට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS