ගඩාෆි පුතාට සුදුසුකම් නැහැ



කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සායිෆ් අල් ඉස්ලම් ගඩාෆි ට එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සුදුසුකම් නැතැයි ලිබියානු මැතිවරණ කොමිසම පවසා ඇත.

අල් ඉස්ලම් ගඩාෆි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ඇයැදුම්පත ප්‍රතික්ෂේප වී ඇති තිබේ. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය ඇත්තේ මෙම දෙසැම්බරයේය.

ලිබියානුවන් 98 දෙනකු ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව ද පැවැසෙයි. එයින් අල් ඉස්ලම් ගඩාෆි ඇතුළු 25 දෙනකුගේ අයැදුම්පත් ප්‍රතික්ෂේප වී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS