සලාලා දෙවැනි තැනට පත් වෙයි



2023 වසරේ සංචාරය කළ යුතු හොඳම ජාත්‍යන්තර සංචාරක ගමනාන්ත ලැයිස්තුවට ඕමානයේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන සලාලා නගරය එක්කර ඇති බව වාර්තා වේ.

අරාබි ලෝකයේ දෙවන හොඳම ගමනාන්තය ලෙස නිව් යෝර්ක් ටයිම්ස් සලාලා නගරය  ශ්‍රේණිගත කර ඇති අතර, ඇල්ජිරියාව ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත.

ගෝලීය වශයෙන් 26 වැනි ස්ථානය හිමි කරගැනීමට සලාලා නගරය  සමත් වී ඇත.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව, ලන්ඩන් නුවර පළමු ස්ථානයට පත් වූ අතර, ජපානයේ මොරියෝකා දෙවන ස්ථානයට පත්විය.

ඕමානයේ තුන්වන විශාලතම නගරය වන සලාලා දෝෆාර් ආණ්ඩුකාර නගරයේ පිහිටා ඇත.

සලාලා නගරයේ පවතින දේශගුණික තත්ත්වය අනුව විවිධ පලතුරු සහ එළවළු වර්ග වගා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - මස්කට්)

RECOMMEND POSTS