ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තහනම් කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ෆ්ලයිඩුබායි ගුවන් සේවය ශ්‍රීලංකාවට සිදුකරනු ලබන ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

දැනට ශ්‍රීලංකාව තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කළ බව ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය. 

ගුවන් ගමන් සඳහා ටිකට්පත් වෙන් කරගෙන ඇති මගීන්ට මුදල් ආපසු ලබාදීමට කටයුතු කරන බව  ප්‍රකාශකයා රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS