විවාහ යෝජනාව මරණයකින් අවසන් වෙයි



ඊජිප්තුවේ මෙනෝෆියාහි තුක් තන්බිෂා ගම්මානයේ  කාන්තාවක් අමානුෂික ආකාරයෙන් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

තම විවාහ යෝජනාව අමානි අල්-ගසාර්ගේ දෙමාපියන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය කිරීමෙන් අනතුරුව අහමඩ් ෆාති අමීරා නැමති 29 හැවිරිදි තරුණයා සියදිවි හානිකර ගෙන තිබේ.

තරුණයාගේ සිරුර මාර්ගයක වැටී තිබියදි පසුව සොයා ගෙන ඇති අතර, තරුණිය ඝාතනය කළ අවියෙන්ම සියදිවි හානිකරගෙන ඇති බවට තීන්දු කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS