ඕමාන්-ඉන්දියා ඍජු ගුවන් ගමන් ඇරඹේ



ඕමානය සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ වන බව වාර්තා වේ.

2022 ඔක්තෝබර් 01 දින සිට ගුවන් ගමන් ආරම්භ වන අතර, ඒ සඳහා ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසරය ලබා දී ඇත.

සතියකට ගුවන් ගමන් 7 බැගින් (මස්කට් / මුම්බායි) ක්‍රියාත්මක වන බවත්, ඉන්දියානු සමාගමක් වන විස්තාරා ගුවන් සමාගමට අනුමැතිය ලබාදුන් බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)


RECOMMEND POSTS