ඉරානය ප්‍රහාර හෙලා දකී



බටහිර ඉවුරේ පලස්තීන වැසියන්ට අනතුරක් වන ආකාරයට ඊශ්‍රායල හමුදා ආරම්භ කළ ප්‍රහාර හෙලා දකින බව ඉරානය පවසා තිබේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ කුඩා දරුවන් මරා දමමින් පලස්තීන වැසියන් පීඩාවට පත් කරන ඊශ්‍රායලයට කවදා හෝ එම අපරාධ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවය.

සිවිල් වැසියන්ට තර්ජනයක් වන අයුරින් බටහිර ඉවුරට එල්ල කළ රොකට් ප්‍රහාර හෙලා දකිමින් ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය ද විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අද (6) උදෑසන වෙද්දී ඊශ්‍රායල හමුදාව එල්ල කළ රොකට් ප්‍රහාරවලින් පස් හැවිරිදි දියණියක ද ඇතුළු සිවිල් වැසියෝ 10 දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 70 ක් යැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS