සෞදිය බලපත්‍ර කාලයන් දීර්ඝ කරයි



සෞදි අරාබිය විදේශ ශ්‍රමිකයන්ගේ වීසා සහ නේවාසික බලපත්‍ර කාලය ජුලි 31 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියට පැමිණීමට නොහැකි වී විදේශ රටවල අතරමං වී සිටින විදේශ ශ්‍රමිකයන්ගේ වීසා සහ නේවාසික බලපත්‍ර කාලය දීර්ඝ කරන ලෙස සෞදි රජු නියෝග කළ බව විදේශ ගමන්බලපත්‍ර කාර්යාලය නිවේදනය කරයි.

සෞදි අරාබිය මීට පෙර ගුවන්ගමන් තහනම් කර ඇති රටවල්වල විදේශ ශ්‍රමිකයන්ටද දීර්ඝ කිරීම අදාල වේ.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

 


RECOMMEND POSTS