ඕමාන් අපනයනයේ ශීඝ්‍ර වර්ධනයක්



ඕමානයේ අපනයනය සියයට 50කටවැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2021 ජනවාරි සිට 2022 ජනවාරි දක්වා කාලය තුළ ඕමානයේ අපනයනය සියයට 55.9 කින් ඉහළ ගොස් ඇති බව රජයේ නිල දත්ත වලට අනුව පැහැදිලි වන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කරයි.

භාණ්ඩ අපනයනයෙන්ඕමාන් රියාල් බිලියන 17.145 ක් ද, තෙල් හා ගෑස් අපනයනයෙන්ඕමාන් රියාල් බිලියන 10.03 ක් සහ තෙල් නොවන අපනයන වලින් තවත් ඕමාන් රියාල්බිලියන 5.79ක ආදායමක් ඕමානය උපයා ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS