ගුවන් ටිකට්පත් මිල 200% ඉහළට



කුවේටය ගමනාත්ත කීපයකට අයත් ගුවන් ටිකට්පත් මිල සියයට 200කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජාතික නිවාඩු දිනවලදී ගුවන් ගමන් වෙන්කරවා ගැනීම සඳහා විශාල වශයෙන් පිරිස් කටයුතු කිරීම හේතුවෙන් ගුවන් ටිකට්පත් මිල ඉහළ දැමීමට කටයුතු කළ බව කුවේට් ගුවන් සමාගමේ මෙහෙයුම්, මාර්ගජාල සැලසුම් සහ බෙදාහැරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ෂොරොක්අල්-අවාදි ප්‍රකාශ කළේ ය.

නිවාඩු කාලය තුළ යාමට වඩාත්ම කැමති ගමනාන්තයන් ලෙස තුර්කිය, ලන්ඩන් නුවර, කයිරෝ සහ බීරූට් හඳුනාගෙන ඇති බව සංචාරක අංශයේ විශේෂඥයින් කිහිප දෙනෙකු කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වෙත ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS