පාසල් සිසුවෙක් බස් රථ තුළ සිර වෙලා



ඕමානයේ පාසල් බස් රථයක් තුළ පාසල් සිසුවෙකු සිර වී ඇති බව වාර්තා වේ.

පාසල් බස් රථයේ දොර අගුළු වැටීමෙ හේතුවෙන් පාසල් සිසුවාට පිටතට පැමිණීමට නොහැකි වී ඇති අතර, හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම හේතුවෙන් දරුවාව රෝහල් ගත කිරීමට සිදු වු ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

බස් රථ රියදුරුගේ සහ අධීක්ෂකවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම සිදුවීම සිදු වී ඇති බව අනාවරණය වී ඇත.

රියදුරාට සහ අධීක්ෂකවරයාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබි අඩවිය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS