පාසල් දැරියන්ට වසදීම: ඉරානයේ යළිත් විරෝධතා



ඉරාන රජයට එරෙහිව යළිත් විරෝධතා ආරම්භ වී තිබේ. ඒ, එරට පාසල් දැරියන්ට වස දීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි කිසියම් අන්තවාදීන් කණ්ඩායමක්, පාසල් දැරියන්ගේ ආහාරවලට වස කලවම් කරන බව ඉරාන රජය ද පවසා තිබේ.

පාසල් අධ්‍යඳාපනයට විරෝධය පළ කරන එම අන්තවාදීන් පාසල් දැරියන්ට මෙසේ වස දෙන්නේ,  අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් බවත් බාලිකා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට එම අන්තවාදීන්ට අවශ්‍ය වී ඇති බවත් ඉරාන රජය පවසා තිබේ.

වස මුසු කළ ආහාර ගැනීමෙන් රෝගී වූ දැරියන් සිය ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසෙයි. ඉරාන රජයට විරෛා්ධය දක්වමින් වීදි බැස සිටින බොහෝ දෙනා පාසල් දැරියන්ගේ මාපියන්ය. තම දැරියන්ට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ඔවුහු රජයට දොස් නගති.

ඉරානයේ මීට පෙර, මාස ගණනක්, ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. ඒ, ඉරාන නීතියට අනුව, නිසි අයුරින් හිජාබය පැලඳ නොසිටි කුර්දි තරුණියක පොලිස් අත්ඩඅංගුවේ සිටිද්දී, පොලිසිය කළ කෙණෙහිළිකම් හේතුවෙන් මියයෑම නිසාය.

පාසල් දැරියන්ට වසදීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා ඇත්තේ, එය විදේශීය කුමන්ත්‍රණයක් යැයි සැක කරන බවය. සුපුරුදු පරිදි ඉරාන උත්තරීතර නායකයා, දැරියන්ට වස දීම සම්බන්ධයෙන් ද චෝදනා කර ඇත්තේ ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයටය.

(රොයිටර්)


RECOMMEND POSTS