එන්නත නොගත්තොත් නිරෝධයනය අනිවර්යයි



විදේශ රටවල සිට කුවේටයට පැමිණෙන ගෘහ සේවිකාවන් නිරෝධායනය වීම අනිවාර්ය කර ඇති බව වාර්තා වේ.
කොවිඩි-19 එන්නත ලබා නොගෙන කුවේටයට පැමිණෙන ගෘහ සේවිකාවන්ට අදාල නීතිය පනවා ඇත.

කුවේටයට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් පී.සී.ආර් වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

කුවේට් ගුවන්තොටුපලට පැමිණෙන විට පී.සී.ආර් පරීක්ෂණයක් ද සිදු කරන බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

 


RECOMMEND POSTS