ශ්‍රී ලංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා 2000ක්



ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000 ක් මේ වසරේ දී ලබාදීමට එකඟතාව පළ වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

එහිදී සාත්තු සේවිකාවන්ට ප්‍රමුඛතාවය හිමිවනු ඇතැයි ද එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙරටට පැමිණ සිටින ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ ෂයිලි රයිසින් සැසන් මහතා ඇතුළු නියෝජිත පිරිස පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇතැයි ද එම ප්‍රකාශකයා කීවේය.

ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන ලෙසට අමාත්‍යවරයා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙම වසරේදී පමණක් සාත්තු සේවිකාවන් 2000 ක් බදවා ගැනීමට එකගතාවය පළ කර ඇත.

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහිත, වෘත්තීය පුහුණුව ලබා ඇති ශ්‍රී ලාංකිකයින්ට සෑම විටම ඊශ්‍රායල් රැකියා සඳහා අවස්ථාව ලැබෙන බවත්, වසරකට අටදහසක් දක්වා වන ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබාදීමට සූදානම් බවත් ඊශ්‍රායල් නියෝජිතයෝ මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. 

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS