හමුදා සහයෝගිතාවය වැඩිකර ගනී



කුවේටය ඇමරිකා එක්සත් ජනපදය සමඟ හමුදා සහයෝගිතාවය වැඩි කරගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

කුවේට් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් කලීඩ් සාලේ අල්-සබා සහ එක්සත් ජනපද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරල් ජේම්ස් මැක්කොන්විල් අතර වොෂින්ටන් නුවර ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දි සාකච්ඡා පවත්වා ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

14 වන එක්සත් ජනපද-කුවේට් ඒකාබද්ධ හමුදා කමිටුවට සහභාගිවීම සඳහා කුවේට් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් කලීඩ් සාලේ අල්-සබා ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිත පිරිසක් සමඟ ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS