සෞදිය විදේශිකයින්ට පුරවැසිභාවය දෙයි



සෞදි අරාබිය විදේශිකයන්ට පුරවැසිභාවය ලබා දෙන සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

නීති, වෛද්‍ය, විද්‍යා, සංස්කෘතික, ක්‍රීඩා සහ තාක්ෂණ යන අංශවල විශේෂ දක්ෂතා දක්වන විදේශිකයන්ට පුරවැසිභාවය ලබා දෙන ලෙස සෞදි රජු නියෝග කර ඇත.

අදාල රාජ නියෝගයත් සමඟ වෘත්තීය දක්ෂතා ඇති විදේශිකයන්ට සෞදි පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව හිමි වී ඇත.

ඉහළ දක්ෂතා ඇති වෘත්තිකයන්ට ආකර්ශනීය පරිසරයක් සෞදි අරාබිය තුළ නිර්මාණය කිරීමේ අරමුණින් 2030 දැක්ම අනුව මෙම පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS