මිලියන 14.5ක මත්ද්‍රව්‍ය අල්ලයි



කුවේටයට නීතිවිරෝධිව රැගෙන යෑමට උත්සහ කළ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

කැප්ටගන් පෙති මිලියන 1.2 ක්, හෂීස් කිලෝග්‍රෑම් 250 ක් සහ ක්‍රිස්ටල් මෙත් කිලෝග්‍රෑම් 104 ක් අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගයට අයත් වේ.

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ 2019 මිල වාර්තාවට අනුව මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම ඩොලර් මිලියන 14.5 කි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම භාවිතා කර කුවේටය තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන බව කුවේට් බලධාරිහු ප්‍රකාශ කරති.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS