නත්තල් ගස ඉවත් කරන්න වෙලා



කුවේටයේ සාප්පු සංකීර්ණයක ඉදිකර තිබු නත්තල් ගසක් ඉවත් කිරීමට සිදු වී ඇති බව වාර්තා වේ.

යෝධ නත්තල් ගස ෂරියා නීතියට හා සම්ප්‍රදායන්ට පටහැනි බවට විරෝධතා එල්ල වී ඇත.

විරෝධතා ප්‍රබල ලෙස මතුවීමත් සමඟ නත්තල් ගස වෙනත් ස්ථානයකට ගෙන යෑමට බලධාරීන් කටයුතු කර ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

මීට පෙර, සාප්පු සංකීර්ණයක ප්‍රදර්ශනය කරන ලද පුරාණ ග්‍රීක දේවතාවියක් වූ ඇෆ්‍රොඩයිට්ගේ ප්‍රතිමාවකට එල්ල වු විරෝධතා හේතුවෙන් එයද ඉවත් කිරීමට සිදු විය.
    
ජානක ප්‍රියදර්ශන ජයතිලක  
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS