තුර්කි මහ මැතිවරණය මැයි 14 වැනිදා පවත්වනවා



තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන මැයි 14 වැනිදා පැවැත්වෙනු ඇති බවත් එය කල් නොදමන බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා තිබේ. තුර්කි ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, එරට පාර්ලිමේන්තුව අමතමිනි.

පසුගිය පෙබරවාරි 6 වැනිදා තුර්කිය කැලැඹූ භූමි කම්පාව හේතුවෙන් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජූනි 18 වැනිදා තෙක් කල් දැමීමට දේශපාලන පක්ෂ උත්සාහ ගත් නමුත් මැතිවරණ කොමිසම ඊට විරෝධය පළ කර තිබේ.

පසුගිය පෙබරවාරි 6 වැනිදා භූමි කම්පා දෙකක් හටගත්තේය. එයින් තුර්කියට පමණක් නොව, අසල්වැසි සිරියාවට ද හානි සිදුවිය. තුර්කියේ පමණක් මියගිය ගණන 45,000 කට වැඩිය.
භූමි කම්පාවෙන් පසු විපතට පත්වුණු තුර්කි වැසියන්ට කඩිනමින් සහාය ලබා නොදීම සම්බක්ධයෙන් තුර්කි ජනාධිපති එර්දොවාන්ට දොස් අහන්න වී ඇත.

සහනාධාර බෙදා දීමේදී ප්‍රමාද වීම් සිදුවුණු බවත් අක්‍රමිකතා සිදුවුණු බවත්  තුර්කි ජනාධිපති එර්දොවාන් ප්‍රසිද්ධියේ පිළිගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කර ඇත.

ජනතාවගෙන් ඉල්ල වන විරෝධය තව දුරටත් ජනාධිපති ධුරය අපේක්ෂා කරන එර්දොවාන්ට අවාසියක් වීමට ඉඩ ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS