එන්නත් දෙකම ගත් අයට යන්න පුළුවන්



කොවිඩි-19 එන්නත් දෙකම ලබාගෙන ඇති සෞදි ජාතිකයින්ට බහරේන් රාජ්‍යයට ගමන් කළ හැකි බව වාර්තා වේ.

ඒ අනුව, කොවිඩි එන්නත් දෙකම ලබා ගෙන ඇති වසය අවුරුදු 12ට වැඩි පුද්ගලයන්ටද ෆහාඩ් රජු පිවිසුම් පාලම හරහා බහරේන් රාජ්‍යයට ගමන් කළ හැකි බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

වයස අවුරුදු 12ට අඩු දරුවන්ට බහරේන් රාජ්‍යයට ගමන් කිරීම සඳහා රක්ෂණ සහතිකය තිබීම අනිවාර්ය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS