ඉරානයේ පළමු ජනපති සමුගනී



ඉරානයේ පළමු ජනාධිපති අබොල්හසාන් බනිසාදර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 88 කි.

1979 වසරේ ඉරාන විප්ලවයෙන් පසු ජනාධිපති ධුරයට පත්වුණු අබොල්හසාන් බනිසාදර්ට පසුව එම ධුරය අත්හැරීමට පමණක් නොව, ඉරානයෙන් පලා යෑමට පවා සිදුවිය.

අබොල්හසාන් බනිසාදර් දශක ගණනාවක් ජීවත් වූයේ ප්‍රංශයේ පැරිස් නුවරය. ඔහු මියගියේ පැරිසියේ සැල්පෙතීරී රෝහලේ දී යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ ඔහු රෝගී වී සිටියේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS