දැවන්ත ටයර් අංගනය ප්‍රතිචක්‍රීකරණයට



කුවේටයේ ලොව විශාලතම ටයර් අංගනය ප්‍රතිචක්‍රීකරණය කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

මිලියන 42කට වැඩි ටයර් ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමට නියමිතව ඇති අතර, අපද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන ඇත.

ටයර් අංගනය පිහිටි භූමියේ නව නිවාස 25,000ක් ඉදිකිරීම හේතුවෙන් සෞදි දේශසීමාව ආසන්නේ අල්-සල්මී නගරයට ටයර් තොගය ගෙන ගොස් ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කර ඇත.  

ඉවත දැමූ පැරණි ටයර් පිරිසිදු කර නව නිෂ්පාදන බවට පත් කර අසල්වැසි ගල්ෆ් රටවලට සහ ආසියාවට අපනයනය කරන බව ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී අලා හසන් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS