කුවේටය වීසා නිකුත් කිරීම අත්හිටුවයි



කුවේටය ලෙබනන් පුරවැසියන්ට සියලු වර්ගවල වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

යේමනයේ සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධාන හමුදා මැදිහත්වීම විවේචනය කරමින් ලෙබනන් ඇමතිවරයෙකු විසින් කරන ලද ප්‍රකාශයෙන් පසුව සහ ගල්ෆ සහයෝගිතා කවුන්සිලයේ රටවල් සමඟ ලෙබනන් රාජ්‍යය ඇති කරගත් රාජ්‍යතාන්ත්‍රික ගැටුම හේතුවෙන් වීසා නිකුත් කිරීම අත්හිටුවීමට කටයුතු කර ඇත.

බේරූට් හි සිය තානාපතිවරයා ආපසු කැඳවීමට කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය මේවනවිටත් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS