යේමනයේ සාමය වෙනුවෙන් මැදිහත් වෙනවා



යේමනයේ සාමය සහ සටන් විරාමයක් වෙනුවෙන් තමන් මැදිහත් වී කටයුතු කිරීමට සූදානම් බව ඉරානයත් ඉරාකයත් පවසයි.

යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් සහ සෞදියේ සහාය ලබන යේමන රජය අතරේ සාම වැඩපිළිවෙළක් සකස් වුවහොත්, එය ඉදිරියට ගෙන යෑමට තමන් මැදිහත් වී කටයුතු කරන බවත් ඉරානය සහ ඉරාකය පැහැදිලි කර තිබේ.

යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන්ට ඉරානයේ සහාය ලැබෙනවා යැයි සෞදි අරාබිය මෙන්ම ඇමෙරිකාවත්, ඊශ්‍රායලයත් චෝදනා නගා තිබේ.

ඉරාන විදේශ ඇමැති හොසීන් අමීර් සහ ඉරාක විදේශ ඇමැති ෆවුස් හුසේන් අතරේ හමුවක් ඊයේ (13) ඉරානයේ තෙහෙරාන් නුවරදී පැවැත්විණි. එම හමුවට මුලික වශයෙන් පාදක වූයේ යේමනයේ සිවිල් යුද්ධයයි.

ඊට අමතරව, කලාපීය අර්බුදය සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද විදේශ ඇමැතිවරුන් අතරේ දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS