තුර්කි ජනපති සමාව ඉල්ලයි



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් තුර්කි වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.

තුර්කිය පසුගිය 6 වැනිදා දරුණු භූමි කම්පාව දෙකකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය තුර්කියට පමණක් නොව අසල්වැසි සිරියාවට ද දැණුනි. භූමි කම්පාවලින් මියගිය ගණන 55,000 ඉක්මවා තිබේ.

තුර්කි ජනාධිපතිවරයා තුර්කි වැසියන්ගෙන් සමාව ගත්තේ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන ලබා දීමට නොහැකි වූ බැවිනි.

විපතට පත්වූවන්ට කඩිනමින් සහාන ලබා දීමට තුර්කි රජය අපොහොසත් වුණැයි ජනාධිපති එර්දොවාන්ට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී. ජනාධිපතිවරයා සමාව ගත්තේ එහෙයිනි. මෙම වසරේ තුර්කි ජනාධිපතිවරණය පැවැත්වීමට ද නියමිතය.

මේ අතර, නැගෙනහිර තුර්කිය තවත් භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙස සටහන් විය. මෙම නව භූමි කම්පාවෙන් එක් අයකු ජීවිතක්ෂයට පත් වුණු බව තුර්කි මාධ්‍ය වාර්තා කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS