බයිඩන් බටහිර ඉවුරේ



ඊශ්‍රායලයේ නිල සංචාරයක​ට පැමිණ සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එම සංචාරයේ අවසානය සනිටුහන් කරමින්, බටහිර ඉවුරේ පලස්තීන පාලනයට අයත් බෙත්ලෙහෙම් නගරය බලා පැමිණියේය.

බෙත්ලෙහෙම් නුවර පලස්තීන පාලන අධිකාරියට අයත් මූලස්ථානයේදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් අතරේ කෙටි හමුවක් ද පැවැත්විණි.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අබ්බාස් හමුවෙමින් ඔහුගේ සුව දුක් විමසා බැලීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා කටයුතු කළේය.

සාකච්ඡාවලින් පසු දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය. ඒ, මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙනි.

එම මාධ්‍ය හමුවෙන් පසු බයිඩන් යළි ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ගොස් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා යනු ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS