පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි



ලෙබනන් ගුවන් සමාජයට අයත් කුඩා ප්‍රමාණයේ පුහුණු ගුවන්යානයක් කඩා වැටී ඇති බව වාර්තා වේ.

ගුවන් යානය මධ්‍යධරණී මුහුදට කඩා වැටී ඇති බව ලෙබනන් කැබිනට් මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ගලවා ගැනීමේ සේවකයින් කඩාවැටුණු යානයේ සිටි පුද්ගලයින් දෙදෙනා සොයමින් සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, බාසම් මව්ලාවි සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බීරුට් නුවර)


RECOMMEND POSTS