කොවිඩ් එන්නත නොමිලේ දෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කොවිඩ්-19 එන්නත සංචාරකයන්ට නොමිලේ ලබාදෙන බව වාර්තා වේ.

එමිරේට්ස් ජාතිකයන්ට සහ විදේශ ශ්‍රමිකයන්ට පමණක් කොවිඩි-19 එන්නත ලබාදීමට එමිරේට්ස් රජය මීට පෙර කටයුතු කළේ ය.

අබුඩාබිය නිකුත් කරන ලද වීසා සහ සංචාරක වීසා බලපත්‍ර හිමියන්ට නොමිලේ එන්නත වෙන් කරවා ගත හැකි බව වාර්තා වේ.

කල් ඉකුත් වූ නේවාසික හෝ සංචාරක වීසා බලපත්‍රලාභීන්ටද නොමිලේ එන්නත් ලබාදීම සඳහා පහසුකම් සපයා ඇති බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය ජුනි 11 දා නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS