යානයක් පැහැර ගත්තැයි ඉරානයට චෝදනා



ඇෆ්ගනිස්තානයේ සිර වී සිටින යුක්රේන ජාතිකයන් බේරාගැනීම සඳහා පැමිණි යුක්රේනයට අයත් ගුවන් යානයක් පැහැර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හඳුනානොගත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් මෙම ගුවන් යානය පැහැර ගනු ලැබ ඇතැයි ද ඔවුන් එම ගුවන් යානය ඉරානය වෙත රැගෙන ගොස් ඇතැයි ද රුසියාවේ ටාස් පුවත් සේවය වාර්තා සදහන් කර ඇත.

“ඉකුත් ඉරිදා පිරිසක් අපේ ගුවන් යානය පැහැර ගත්තා. අඟහරුවාදා වෙද්දි ගුවන් යානය අපෙන් හොරකම් කරලා. හඳුනානොගත් කණ්ඩායමක් මේ පැහැර ගැනීම කර තිබෙනවා. ඔවුන් ආයුධ සන්නද්ධ බව දැනගන්නට තිබෙනවා. මේ ගුවන් යානය ඇෆ්ගනිස්තානයේ සිටි යුක්රේන ජාතිකයන් රැගෙන යද්දි පැහැර ගැනීමට ලක්වෙලා” යැයි යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය යෙව්ජෙනි යෙනින් උපුටා දක්වමින් ටාස් පුවත් සේවය වාර්තා කර තිබිණි. කෙසේ නමුත් ඉරානය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS