කොරෝනා අස්සේ ක්‍රිකට් ගහලා



කෝවිඩ් -19 මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අල්-අන්සාබ් නගරයේ ක්‍රිකට් ක්‍රීඩා කළ විදේශිකයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඕමාන් උත්තරීතර කමිටුව පනවා ඇති ‍ කොවිඩ් -19 මාර්ගෝපදේශයන් පිළිපැදීම සියළු දෙනාගේම යුතුකමක් වන බව විදේශිකයන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඕමාන් රාජකීය පොලීසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ, ඕමානයේ දිනපතා වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, පොදු ස්ථානවල ගැවසීම සහ ක්‍රීඩා කටයුතු සීමා කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS