බිරිඳව ඝාතනය කරසෙල්ෆියකුත් අරගෙන



සිය බිරිඳව ඝාතනය කර ඇගේ සිරුර සමඟ සෙල්ෆි ඡායාරූප ගත් පුද්ගලයෙකු ඊජිප්තු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙනඇති බව වාර්තා වේ.

ඉන් පසු, එම සෙල්ෆ් ඡායාරූප ඇගේ පවුලේ අයට යවා ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

තම බිරිඳ වෙනත් පුද්ගලයෙකුසමඟ එකතු වී තමන්ව ඝාතනය කිරීමට උත්සහ කරන නිසා මෙම ඝාතනය සිදුකළ බවසිද්ධියෙන් ටික වේලාවකට පසුකුඩා දියණියන් තිදෙනා සමඟ සජීවීව වීඩියෝවකට පෙනී සිටිමින් ඝාතකයාප්‍රකාශ කර ඇත.

තමා තම දියණියන්ට අතිශයින් ආදරය කරන බවත්, නිවසට කවුරුන් හෝ පැමිණි පසු නිවාසයෙන් පිට වී යන බව ඔහු වීඩියෝවේ පවසයි.

අඹුසැමියන් අතර ආරවුලක් තිබී ඇති බවත්, නිවස තුළදී ඝාතනය සිදුව ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනාවරණ කළේ ය.                             

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - කයිරෝ නුවර)

RECOMMEND POSTS