ඉරානයේ කොරෝනා 29,54,309 ක්



ඉරානයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 29,54,309ක් දක්වා ඉහළ ගොස් ඇත.

එරටින් සිකුරාදා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන් 9,209ක් වාර්තා වූ අතර ඒ අනුව වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 29,54,309ක් දක්වා ඉහළ ගියේ ය.

ඉරානයේ සෞඛ්‍ය සහ වෛද්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව වසංගතය හේතුවෙන් මරණයට පත්ව ඇති සමස්ත ගණන 80,813කි.

නව කොරෝනා වයිරස ආසාදනය වීමෙන් පසුව රෝහල්වලින් සුවය ලබා පිටව ගොස් ඇති ගණන 25,22,702කි. එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව දැඩි සත්කාර එක්කවල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ ගණන 3,852කි.

ඉරානය සිකුරාදා (4) වනවිට ‘කොවිඩ්-19’ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මුළු ගණන 41,56,855කි. එන්නත් මාත්‍රා දෙකම, එනම් දෙවැනි මාත්‍රාව ලබා දී ඇති ගණන 536,643කි.

ඉරානයෙන් මුල් වරට නව කොරෝනා වයිරස ආසාදිතයකු හඳුනාගැනුණේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ දී ය.

ඒ.එන්.අයි.


RECOMMEND POSTS