ඉරානයට දඬුවම් කළ යුතුයි - යුක්රේනය



ඉරාන හමුදාවේ මිසයිලයක් වැදීමෙන්, යුක්රේන මගී ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සිය කෝපය මෙන්ම අප්‍රසාදය ද ඉරානය රජයට පළ කර ඇත.

යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ඉරානයට ‘දඬුවමක්’ දිය යුතු බවය.

මියගිය සෑම අයකුටම වන්දි ලබා දීමට ඉරානය කටයුතු කළ යුතු බවත්, අත්වැරදීමකින් වුණු එම සිදුවීමට අදාල සියලු පාර්ශ්වකරුවන්ට උපරිම දඬුවම ලබා දිය යුතු බවත් යුක්රේන ජනාධිපතිවරයා පැවැසීය.
මගී යානය පසුගිය 8 වැනිදා ඉරානයේ සිට යුක්රේනයේ කිව් නුවර බලා පියාසර කිරීමට ගුවන්ගත වී මිනිත්තු කීපයකදී කඩා වැටුණේ ඉරාන හමුදාවේ මිසයිල ප්‍රහාරයක් වැදීමෙනි.

මුලින් අදිමදි කළත් ඉරාන රජය පසුව එය පිළිගත්තේය. එය අත්වැරදීමකින් සිදුවුණු ප්‍රහාරයක් බවත්, සමාව නොදිය හැකි වරදක් බවත් ඉරාන ජනාධපති හසන් රොව්හානී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS