ඩුබායි පාලකයා මුණුබුරු සුරතල් බලයි



ඩුබායි ඔටුන්න හිමි කුමරු, ෂෙයික් හම්දාන්ගේ අලුත උපන් දරුවා සමඟ ඩුබායි පාලකයා එකට සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර ඇති බව වාර්තා වේ.

ෂෙයික් හම්දාන්ගේ තෙවැනි දරුවා වන බේබි මොහොමඩ් උපත ලැබුවේ පෙබරවාරි 25 වැනිදාය.

"අල්ලාහ් ඔවුන්ව ආරක්ෂා කරත්වා " යන ශීර්ෂ පාඨය සහිතව ඡායාරූපය හම්දාන්ට අයත් නිල ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් තම මුනුපුරා දෙස ආදරයෙන් බලා සිටින අතර, ෂෙයික් හම්දාන් පිටුපසින් සිටගෙන සිටින ආකාරය දැක්වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS