ඉරාකයේ පොලිස් නිලධාරීන් 12 ක් මරලා



ඉරාකයේ උතුරු දෙසින් පිහිටි කර්කුක් නගරයේ පොලිස් මුර පොළකට ප්‍රහාරයක් එල්ලවීමෙන් පොලිස් නිලධාරීහු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරය එල්ල කළේ තම සාමාජිකයන් යැයි අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය පසුව පැවැසීය.

අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආරම්භය සිදුවූයේ ඉරාකයෙන් සහ සිරියාවෙනි. කෙසේ නමුත්, බටහිර රටවල් එකමුතු වී අයි.එස්.අයි.එස්. සංවිධානය අඩපණ කර දැමීය. එසේ වුවත් තවමත් ඉතිරි වුණු ත්‍රස්ත කල්ලි විටින් විට ප්‍රහාර එල්ල කරමින්, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ශක්තිමත් බව පෙන්වයි.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී ඉරාකයට ඉරානයේ ද සහාය හිමිවෙයි. මෙය ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. සිරියානු රජයට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ද ඉරානය සහාය ලබා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS