එක්සත් ජනපදයට ගුවන්ගමන් අරඹයි



එමිරේට්ස් ගුවන් සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ ගමනාන්ත 12කට ගුවන්ගමන් අරඹන බව නිවේදනය කර තිබේ.

2021 ජුලි 22 දින, ඩුබායි නුවර සිට මයාමි නගරට ගුවන්ගමන් ක්‍රියාත්මක කරන බවට ගුවන්සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

මයාමි නගරයට සතියකට ගමන්වාර හතර බැගින් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම අපේක්ෂා කරයි.

සතියකට ගුවන්ගමන් වාර 70කට වඩා ක්‍රියාත්මක කරමින් බොස්ටන්, චිකාගෝ, නිව් යෝර්ක්, හූස්ටන්, ඩලස්, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්රැන්සිස්කෝ, සියැටල්, වොෂිංටන් ඩීසී සහ ඕර්ලන්ඩෝ යන නගරවලට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS