සෞඛ්‍ය සේවකයන් 4,200 ක් තුර්කියේ සහ සිරියාවේ



තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් පුද්ගලයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීම සඳහා සෞදි සෞඛ්‍ය සේවකයින් 4,200 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

විශාල නගර සංඛ්‍යාවක් සුන්බුන් බවට පත් කරමින් පෙබරවාරි 6 දින භූමිකම්පාවෙන් මිනිසුන් 50,000 ක් පමණ මිය ගිය අතර, තවත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අන්ත අසරණ තත්ත්වයට පත් විය.

බොහෝ දෙනෙක් ශීත ඍතුවේ දී කූඩාරම්වල හෝ එළිමහනේ නිදා ගැනීමට සිදු වී ඇත.

භූමිකම්පාවෙන් පැය කිහිපයකට පසු බලපෑමට ලක් වූ ප්‍රදේශවලට පළමුවෙන්ම ළඟා වීමට සෞදි සෞදි සහන කණ්ඩායම්වලට හැකි විය.

සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය රටවල් දෙකටම අවශ්‍ය හදිසි ආධාර ගුවන් යානා මඟින් යැවීමට කටයුතු කළ අතර, එම ජනතාවට අවශ්‍ය ආධාර නිරන්තරයෙන් ලබාදීම සඳහා සුසුදු යාන්ත්‍රනයක් මේවනවිට ස්ථාපිත කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews - රියාද් නුවර)

RECOMMEND POSTS