ස්වාමි පුරුෂයා රවටා 20,000ක් ගෙවයි



කුවේටයේ කාන්තාවක් ස්වාමිපුරුෂයා රැවැට්ටීම හේතුවෙන් කුවේට් ඩිනාර් 20,000ක මුදලක් ගෙවීමට සිදු වී ඇති බව වාර්තා වේ.

අදාල මුදල සැමියාට ගෙවන ලෙස අධිකරණය කාන්තාවට නියෝග කර ඇත.  

ස්නැප්චැට් සමාජජාල මෘදුකාංගය හරහා පුද්ගලයන් 13 දෙනෙක් සමඟ කුවේට් කාන්තාව පණිවිඩ හුවමාරු කර ගෙන ඇති අතර, ඉන් පසුව ඇයට විරුද්ධව නඩු පැවරීමට ස්වාමිපුරුෂයා කටයුතු කර ඇත.

අදාල නඩුව සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහන් කර නොමැත.

2020 වසර තුළ විවාහ 12,973ක් ලියාපදිංචි කර ඇති අතර, කුවේට් කාන්තාවන් 418 දෙනෙක් විදේශිකයන්ව විවාහ කර ගෙන ඇත.

එම වසර තුළ දික්කසාද නඩු 5,932ක් වාර්තා වී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS