රැකියා බලපත්‍ර සේවා සඳහා ස්ථාන තුනක්



ඕමානයේ රැකියා බලපත්‍ර සේවා සැපයීම සඳහා ස්ථාන තුනක් අලුතින් විවෘත කළ බව කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ඒ අනුව, පහසුවෙන් සේවා සැපයීම සඳහා ප්‍රධාන පෙළේ සාප්පු සංකීර්ණ තුනක කාර්යාල පිහිටුවීමට කම්කරු අමාත්‍යාංශය කටයුතු කර ඇත.

විලයාට් නගරයේ සහම් හිමක්කා අධි සාප්පු සංකීර්ණය, සිනාස් හි සිනාස් සාප්පු සංකීර්ණය සහ ලිවා හි ලිවා වෙළඳ සංකීර්ණය එම ස්ථාන තුන වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Time of Oman, මස්කට් නුවර)

RECOMMEND POSTS