ව්‍යාජ අත්සනක් යොදා ඩිරාම් 940,000 ක් අරගෙන



එමිරේටයේ සමාගමක කළමනාකරුවකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඩිරාම් 940,000ක මුදලක් වංචනික ආකාරයෙන් සේවකයෙකු ලබාගෙන ඇති බව වාර්තා වේ.

සේවකයා අවස්ථා දෙකකදි අදාල මුදල් ප්‍රමාණය ලබාගෙන ඇති බවත්, බැංකු ගිණුමෙන් මුදල් අඩුවීම පිළිබඳව සොයා බැලීමට බැංකුවට ගියඅවස්ථාවේදි ව්‍යාජ අත්සන් යොදා මුදල් ලබාගෙන ඇති බව දැනගත් බවසමාගමේ කළමනාකරු ප්‍රකාශ කළේ ය.

තම මව් රටට යාමට සේවකයා නිවාඩු ඉල්ලු බවත්, ඔහු පිටව ගිය පසු මුදල් ලබාගෙන ඇති සොයා ගත් බවකළමනාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

සේවකයා ආපසු සේවයට පැමිණි පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඩිරාම් 940,000 දඩයක් නියම කර වසරක සිරදඩුවමකින් පසු රටින් පිටුවහල් කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS