ලෙබනන් වැසියන් විදුලිය අර්බුදයක



දශක ගණනාවක් තිස්සේ නිසි ලෙස කළමනාකරණය නොවීම හේතුවෙන්, ලෙබනන වැසියන්ගේ විදුලි බලය ලබා ගැනීමට ඇති අයිතිය පැහැර හැර ඇතැයි ලෙබනන් විදුලි බල අමත්‍යාංශ බලධාරීන්ට චෝදනා එල්ල වෙයි.

චෝදනා එල්ල වී ඇත්තේ ඇමෙරිකාව කේන්ද්‍රකොටගත් Human Rights Watch මානව හිමිකම් සුරැකීමේ සංවිධානයයි.

ලෙබනන් විදුලිබල අමත්‍යාංශයේ නිසි කලමනාකාරීත්වයක් නොමැති බැවින්, අද වනවිට ලෙබනන් වැසියන් විදුලිය නොමැතිම මහත් සේ පීඩාවට පත්ව සිටී.

එය පැහැදිලිව ලෙබනන් වැසියන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ද Human Rights Watch පැහැදිලි කර තිබේ.

ලෙබනනය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. ඒ දශක ගණනක් එරට දේශපාලනයේ පැවැති ව්‍යාකූල තත්ත්වය මුල්කොට ගනිමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS