ලෙබනන් ඇමැතිගේ ප්‍රකාශයට විරෝධයක්



යේමන අර්බුදය සම්බන්ධයෙන් ලෙබනන් ජනමාධ්‍ය ඇමැති ජෝර්ජ් කොර්ඩාහි කළ ප්‍රකාශයක් සෞදියේත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් විරෝධයට හේතුවක් වී ඇත.

සෞදියත්, සෞදියට සහාය දක්වමින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් යේමන යුද්ධයට සම්බන්ධ වී, යේමන කැරැලිකරුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කරයි. අහිංසක සිවිල් වැසියන් දහස් ගණනින් මෙම ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති අතර, යේමන අර්බුදය ද දිනෙන් දින උත්සන්න වීමට එය හේතුවක් විය.

ලෙබනන් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විවේචනය කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මෙම විවේචන සම්බන්ධයෙන් තම රටේ සිටින ලෙබනන් තානාපතිවරුන් කැඳවා ඔවුන්ගෙන් කරුණු විමසීමට සෞදියත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් පියවර ගෙන ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS