සංචාරක නීතිරීති අලුත් කරයි



අබුඩාබිය සංචාරක නීතිරීති අලුත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

විදේශ රටක සිට අබුඩාබි නුවරට පැමිණෙන එමිරේට්ස් ජාතිකයන් සහ එමිරේට්යේ රැඳී සිටින විදේශිකයන් පී.සි.ආර් පරීක්ෂණ දෙකක් සිදුකරන ලෙසත්, දින 12ක් නිරෝධායනය කරන ලෙස එමිරේට්ස් අපදා කමිටුව නියෝග කර ඇත.

එම පරීක්ෂණ දෙක, පැමිණීමේදි සහ නිරෝධායනය වන 11දින සිදුකල යුතු වේ.

අබුඩාබිය නුවරට පැමිණීමට අවසර ලබාදී ඇති රටවලින් පැමිණෙන එමිරේට්ස් ජාතිකයන් සහ එමිරේට්යේ රැඳී සිටින විදේශිකයන්, පැමිණීමේදි සහ 6 වන දින පී.සි.ආර් පරීක්ෂණ සිදුකළ යුතු අතර, නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.

එන්නත් සිටින පුද්ගලයන්, පැමිණීමේදී සහ 6 වන දින PCR පරීක්ෂණ දෙක සිදු කරගත යුතු අතර, දින හතක් නිරෝධායනය කරනු ලැබේ.

දින 28 කට පෙර දෙවන මාත්‍රාව ලබාගත් ඒමිරේට්ස් ජාතිකයන්ට සහ එමිරේට්යේ රැඳී සිටින විදේශිකයන්ට මෙම නීති අදාළ වේ.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, අබුඩාබි නුවර)  

RECOMMEND POSTS