ඉන්දීය ඊශ්‍රායල විදෙස් ඇමැති හමුවක්



ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සහ ඊශ්‍රායල විදේශ ඇමැති යාර් ලුපිද් අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ඒ, ඉන්දීය විදේශ ඇමැතිවරයා ඊශ්‍රායලයේ නිල සංචාරයකට එක්වුණු අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී, අමාත්‍යවරුන් දෙදෙනා අතරේ ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් සහ ඉරානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ඇෆ්ගනිස්තාන ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් ඉන්දියාවට තර්ජනයක් එල්ල වෙනවා සේම, ඉරාන අන්තවාදීන්ගෙන් ඊශ්‍රායලයට තර්ජන එල්ල වන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී පැහැදිලි කළේය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉදිරිවාදිකම් පැවැතියත්, ඉන්දියාව ඉරානය සමඟ යහපත් සබඳතා පවත්වයි. ඉරානයේ චබහාර් වරාය ඉදිවන්නේ ඉන්දියාවේ සහාය ඇතිවය‍.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සමීප සබඳතා පවතී.

ඉන්දියාව සහ ඉරානය අතර පවතින මිත්‍රත්වය තමන්ට ගැටලුවක් නොවන බවත්, ඉන්දියාව ඊශ්‍රායලයට සම්බන්ධයෙන් ද මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සතුටට කරුණක් බවත් ඊශ්‍රායල විදේශ ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

(ඒ.ඒෆ්.පී.)


RECOMMEND POSTS