ඉරානයේ දුම්රියක් පීලි පනී: 13 ක් මරුට



නැගෙනහිර ඉරානයේ මගී දුම්රියක් පීලි පැනීමෙන්, එහි සිටි 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 35 ක් බව පැවැසෙයි.

දුම්රිය යාස්ඩ් නගරයේ සිට තබාස් නගරය තෙක් ධාවනය වෙමින් තිබුණි.

අතරමගදී එය දුම්රිය පාරට ඉතා ආසන්නයේ නවතා තිබූ පස් කපන යන්ත්‍රයක ගැටී ඇත.

වේගයෙන් ධාවනය වෙමින් තිබුණු දුම්රිය පීලි පැන්නේ ඒ අනුවය.

අනතුර සිදුවූ බව පැවැසෙන්නේ දුම්රිය ගමන ආරම්භ වී මිනිත්තු කීපයක් ගතවෙද්දීය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS