ඩිරාම් මිලියනයක් ආපසු දීලා



එක්සත් අරාබි එමිරේස් රාජ්‍යයේ සෝපානයක වැටී තිබී හමු වු ඩිරාම් මිලියනයක මුදලක් ආපසු ලබා දී ඇති බව වාර්තා වේ.

තාරික්මහමුද් කාලිඩ් මහමුද්නමැති ඉන්දියානු ජාතිකයා රැදී සිටින නේවාසික ගොඩනැගිල්ලේ විදුලි සෝපානයේ තිබී මෙම මුදල් හමු වී ඇති බව ඩුබායි පොලිසිය ප්‍රකාශ කළේය.

ඔහුගේ අවංකභාවය පිළිබඳව අප ඉතා ආඩම්බර වන බවත්, මෙම ක්‍රියාව මඟින් අපේ සමාජයේ උතුම් සාරධර්ම නියෝජනය කරන බව අල් බර්ෂා පොලිස් ස්ථානයේ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් අබ්දුල් රහීම් බින් ෂාෆි, මහමුද්ගේ ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS