තුර්කි නිලධාරීන් තලේබාන් හමුවෙයි



කාබුල් අගනුවර තලේබාන්වරුන් සමග තුර්කි රාජ්‍ය නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත් වූ බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමෙන් පසු කාබුල් ගුවන්තොටුපොළට ආරක්ෂාව ලබා දීමට තුර්කිය සුදානමින් සිටී.

තුර්කි රජයේ ඉහළ නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් කාබුල් තලේබාන්වරුන් සමග සාකච්ඡා පැවැත් වූයේ මේ සම්බන්ධයෙනි.

ගුවන්තොටුපොළ කටයුතු පවත්වාගෙන යෑමටත් තලේබාන් සංවිධානයට සහාය පළ කිරීමට තුර්කිය සූදානමින් සිටින බව පැවැසෙයි.

තලේබාන්වරුන් කාබුල් අත්පත් කර ගනිද්දී තුර්කි තානාපති කාර්යාලය කාබුල් ගුවන්තොටුපොළට ගෙන යන ලදී. මේ වනවිට තුර්කි තානාපති කාර්යාලය ගුවන් තොටුපොළ හමුදා කදවුරක ක්‍රියාත්මක වෙයි.

තගේබාන් නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීම කළේ තානාපති නිලධාරීන්, තුර්කි රාජ්‍ය නිලධාරීන් පිරිසක් යැයි අල් ජසිරා පුවත් සේවය පවසයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS